පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ අනුශාසනා සහ ප්‍රධාන අනුග්‍රහයෙන්, වාර්ෂික මහා පිරිත් සජ්ඣායනාව දෙසැම්බර් 26 දින සිට ජනවාරි 1 දක්වා, මහා සංඝයා වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ දායක ඔබ සැම ඇතුළු ලෝකවාසී සියලු දෙනාගේ සෙත් ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මෙම මහඟු පිංකමට සහභාගි වීමට, පින් කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!
Under the principal guidance and blessings of the Chief Incumbent of the Perth Sri Lanka Buddhist Vihara and Chief Sanghanayaka of Australia, Most Venerable Beruwala Siri Sobhitha Nayaka Thero, all arrangements have been successfully completed to conduct the Annual Maha Pirith Chanting.
This sacred observance will be held from 26 December to 1 January, with the participation of members of the Maha Sangha.
This meritorious religious event is conducted with the intention of invoking blessings, peace, and well-being upon the devotees of the Sri Lanka Buddhist Vihara and people around the world. We warmly and respectfully invite all devotees who wish to participate and share in these merits to attend this noble ceremony.

